Translate

Friday, October 20, 2017

සොඳුරු සිතක සොඳුරු ඉල්ලීම

සඳකඩ පහණක කැටයම් ඔපලා
මාතර ආච්චි චිත්‍රපටයේ ගීතය

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි
යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී.....

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ..
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ..
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුනු වැහි බිංදූ..
ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දූ..
තවකෙක් ඈ වෙත හද රැන්දූ..

සඳකඩ පහනක......

හදවිල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා...
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා...
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටම් මැදුරක කවුළු අරා...
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා..
පොපියන හදවත සිටියි බලා..

ගේය පද :- වොලී නානායක්කාර
ගායනය:- සුනිල් එදිරිසිංහ
සංගීතය :- වික්ටර් රත්නායක


එම්බා සොඳුරු සිත,
''මේ ගීතය පිළිබඳ කිසියම් රස වින්ඳනයක් කරන්න '' යයි සොඳුරු සිතකින් ඇරයුමක් කළා මතකද? ගීතය ද මා වෙත එව්වා. මේ චිත්‍රපටය මට නරඹන්නට බැරිවූ එකක් බව මා කිව්වා.
චිත්‍රපට ගීතයක් රසවිඳීමේ දී එකී චිත්‍රපටයේ තේමාව, කතා පුවත, එම ගීතය චිත්‍රපටයේ එන අවස්ථාව ආදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. මේ නිසා මා චිත්‍රපටය නරඹා නොතිබීම විශාල අඩුපාඩුවක් වුනා. ඒනිසා චිත්‍රපටිය නැරඹූ කෙනෙක් සොයාගන්න මං උත්සාහ කළා අඩුම වශයෙන් එහි කතා පුවත හා තේමාව ආදී තොරතුරු දැනගන්න. මෙය වසර 35කට පෙර නිපදවූ, චිත්‍රපට අධ්‍යක්ෂ සතිස්චන්ද්‍රයන්ගේ පළමුවන සිනමා නිර්මාණය. 
ඔබට මතක ඇති වරක් මා අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතින් ද සයිබර් අවකාශයට මෙය යොමුකරමින්, ඉල්ලීමක් කළා සහෘදයින්ගෙන් මේ ගීතය පිළිබඳ කිසියම් රසවින්ඳනයක් කරන්න කියලා. එයටත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. අවසානයේ මහත් අමාරුවෙන් චිත්‍රපටය නැරඹු ලංකාවේ මිතුරෙකු සොයාගත්තා. 
((කෙනෙකු සොයාගැනීම අපහසු වූයේ මං ලංකාවේ නොමැති නිසයි. නැත්නම් මං මෙය කෙලින්ම අහන්නේ සතිස්චන්ද්‍ර මහත්මයාගෙන්මයි. එතුමා මා හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙක්.))  
මා සොයා ගත් එම මිතුරා කියූ ඉතාම සුළු වාක්‍ය දෙක තුන අනුව හා ගීතයේ කියවෙන අදහස අනුව මගේ වර්ධනයන් හා නිර්මාණයන් සමඟින් චිත්‍රපටයේ කතාව මෙසේය. 
මාතර මුහුද අද්දර ගමක දුප්පත් තරුණයෙකු එහි සිටින පොහොසත්ම පවුලක තරුණිය සමඟ ආදර සබඳතාවක් ඇති කර ගනියි. එහෙත් එයට තරුණියගේ  නිවෙසින් දැඩි විරෝධයක් නැගෙන අතර පසුව තරුණිය වැදගත් පොහොසත් වෙනත් තරුණයෙකුට විවාහ කර දෙයි. ගීතය පසුබිමින් වැයෙන්නේ මේ අවසාන දර්ශන පෙළ මතයි. ඔවුන් දෙදෙනා විවාහ වී ගමෙන් පිටවී යනවිට පැරැණි පෙම්වතා ගමේ පාරක  දී මඟුල් වාහන පෙළට මුණගැසේ. මනමාලිය හා පෙම්වතා  නිහඬවම සමුගනියි. වෙන්වෙයි. මඟුල් රථ පෙළ ඈතට යයි. පෙම්වතා ගමේ බෝක්කුව මත තනිවෙයි.
මිතුරා අවසාන වශයෙන් කිව්වේ මේ කතා පුවත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ මහළු බවට පත්වී සිටින එකී පෙම්වතිය වන ''මාතර ආච්චිගේ '' අතීතාවලෝකනයක් ලෙස බවයි. නැත්නම් වයසට ගිය මාතර ආච්චි කියන කතාවක් හැටියටයි.
මේ කතාව කොතරම්දුරට නිවැරදි අංගසම්පූර්ණ එකක් දැයි මා දන්නේ නැහැ. කතාව කියු මිතුරා ද ඔහුට මතක ලෙසින් කිව්වාට ඔහුට ද ඒ පිළිබඳ එතරම් මතකයක් නැහැ. ඒ නිසාම ඔහු නම පවා සඳහන් නොකරන ලෙස  ඉල්ලා සිටියා. නමුත් මේ සියළු වැරදිවල වගකීම මා වෙත පවරා ගනිමින් මේ ගීතයේ අගැයුම  කිරීමට තීරණය කළා. නමුත් වෙලාවක් නැහැ නංගී. මං බැද්දේගම ටෙලි නාට්‍යය ලියන්න ඕනේ ඉක්මණින්.
මං පොඩ්ඩක් උත්සාහ කළා. ඒ අනුව ඔයාට ඉතිරිය කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මට හිතේනවා. මගේ උත්සාහය වූයේ මේ ගීතය රචනා කළ වොලී නානායක්කාරයන්ට හෝ චිත්‍රපටයේ නිර්මාතෘ සතිස්චන්ද්‍රයන්ටහෝ ගායක සුනිල් එදිරිසිංහයින්ට හෝ අපහාස කිරීම නොවේ. ඒ සැමදෙනාටම මගේ ඉහළම ගෞරවය හා උපහාරය පුද කිරීමයි.
මං හිතන විදියට ගීතයේ මුල්පද පේලි කීපයෙන් කියවෙන්නේ පොහොසත් තරුණිය හා දුප්පත් තරුණයා අතර  ඇතිවු ආදර සබඳතාවයි.
''සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි                                           යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී.... ''  
දුප්පත්කම නිසාත්, සමහර විට පහත් යයි සම්මත කුළය නිසාත්, පයට පෑගෙන පාපිස්සක් ගානට වැටී ඇති තරණයෙකු වුව, හැඩවැඩ ඇතිව වැඩී, දැන උගත්කම් ලබාගෙන ගමේ කැපී පෙනෙන්නට පටන් ගත්විට, තහංචි තිබුනත්, රූමත්, පොහොසත්කම් ඇති ළඳක් ආදරය සොයාගෙන ලංවූ බවත්, අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් - යුගයෙන් යුගයට නොමියෙන සදාතනික දහමක් වන දෙහදක ආදරයක් ඉන් ඇතිවූ බවත් අපූරුවට කියවෙයි. 
(අර්ථයෙන් හා භාවිතාවෙන් ''පාපිස්සක්'' වන සඳකඩපහණ ඔප මට්ටම් වූ  පසු අහසේ පාවෙන දේදුනු පවා  ඉන් දැකිය හැකි  බව, නොඑසේනම්, අහස පොළව ලං වන්නාක් මෙන් විවිධ පංති භේද, විෂමතා තිබුනත් ආදරවන්තයින් ළංවන බව කලාත්මකව, ව්‍යංගයෙන් අපූරුවට කියයි. ඔප වැටුන පාපිස්ස නොහොත් සඳකඩපහණින් පෙනෙන්නේ කළු වලාකුළු නොව අහසේ පායන වර්ණවත් දේදුන්නක්. අනිවාර්යයෙන්ම ඇය රූමතියක් බව ඉන් පසක්වෙයි.)
'' නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී .... ''  
මේ කොටස චිත්‍රපට කතාවේ ඒ අවස්ථාවට උචිතව ප්‍රකාශ කරන්නක් බවයි මට හිතෙන්නේ. පෙම්වතිය විවාහකර දී සහකරුවා සමග නොපෙනෙන ඈත ගමකට ගෙන යාමත්, ඇයත් ඇගේ ආදරයත් එයින්ම පරවී, මිළින වී යන බවත් ඉන් කියවෙයි.
ඉතිං ඉතිරි පද පේලි දෙකත් ඒ අනුව ටිකක් හිතලා බලන්න... දැන් ඔයාට මේක කරන්න, තේරුම්ගන්න පුළුවන්... මට ඇත්තටම නංගියෝ වෙලාවක් නෑ... අහලා බලන්න ඉන්ද්‍රනාථගෙන් මං කියන්නේ බොරැද කියලා.. මං මේක ලියන්න පටන් ගත්තේ ''මගේ සිතිවිලි'' බ්ලොග් එකට දාල ඔයාලට බලන්න දෙන්න. නමුත් ඇත්තටම නංගි වෙලාවක් නෑ... දැන් ලේසියි ... දැන්තියෙන්නේ ඔයාට ලේසිම හරිය.. ඔයා හොඳ සිංහලකාරිනේ. මට ඊළඟට ටයිපින් වලටත් නොසෑහෙන වෙලාවක් යනවා. ඒකමයි මං මේක දෙන්නේ.. තරහා නෑනේ.. මං ගොහාං එන්නාං... ඉතුරු ටික කරලා මටත් බලන්න එවන්න හො‍ඳේ.
එහෙනම් නවතින්නම්.
බුදු සරණයි !
විපුල

මා මෙය ඉතා පමාවෙලා දැක්කේ මේ උදේ. ඒගැන සමාව.

මෙය අපේ පවතින දේශපාලන චක්රමය අපූරුවට විනිවිද දුටු දැක්මක්. සැඟවුන සුවිසල් හා සුවිශේෂී දේශපාලන හා සමාජ යථාර්ථයක් ගැබ්වෙනවා. එහි අපූරු අර්ථයකුත් තිබෙනවා. මෙවැනි අර්ථාන්විත විකල්ප අවශ්ය කාලයක් මේ ක...ාලය. අපි හැමෝම පතන්නේ, උත්සාහකරන්නේ මෙවැනි අලුත් විකල්ප ධාරාවන් බිහිකිරීමටයි.

බොහොමප්රායෝගිකයි කවියේ කූටප්රාප්තිය. විද්වත් සංවාදයක් යැයි කියා ගත්තාට මෙය හරවත් විද්වත් සංවාදයක් නොවේ. හරියට දේශනයක් වගේ. කීකරු ගෝල උවැසි දනාඑහෙයිකියමින් අහන් ඉන්නවා විතරයි. ප්රශ්න ඇසීමේ නිදහසක් නෑ.

මෙච්චර කාලයක් මෙවැනි දේශපාලන සංවාද වලට ඇහුන්කන් දීලා කරගත්තෙත් විනාශයක්. සිද්ධ වුනෙත් විනාශයක්. රැහැයියෝ සංවාදේ පවත්වන්නේ වැඩිපුරම අනෙක් අය වැඩිය කෑ ගහන, කතා නොකරන රාත්රියේදී. අනෙක් අයට කතා කරන්නම නොදෙන එක ඔවුන්ගේ සිරිත. රැහැයි නාදයේ මිහිරක් තියෙනවා. නමුත් අනෙක් නාද වලට ඉඩක් නොදීම නිසාම, මිහිර දිගටම ඇසීම නිසාම එපාවෙනවා.

ඇටිකුකුලන්ගේ අඬලෑම අහන් ඉන්න පුළුවන් මිහිරි එකක් නෙවෙයිනේ. ඒ වුනාට ඇටිකුකුලෝ හැමදාමත් කැමති උන්ගේ ගීතයට විතරයි. වෙනත් ගීත වලට කැමතිම නෑ. ඒනිසා කළේ ම රැහැයියෝ විතරක් නෙවෙයි සින්දු මිහිරි සින්දු කියන විතරක් නොවෙයි, ඔහේ බකන්නිලාගෙන ඉන්නගොළුබෙල්ලන්වැනි හැම එකෙක්ම පුළු පුළුවන් හැටියට ගිලදාන එකයි.

දැන් බලපුවාම මේ දෙගොල්ලොම සංවාදයට කැමති නෑ. නමුත් කියන්නේ නම් සංවාදේ තමයි හොඳ කියලා. ඒ නිසා මේ දෙගොල්ලන්ටම කතා කිරීමේ නිදහස දීමෙන් වැඩක් නෑ. අනුන්ගේ භාෂණයට ගරු නොකරන, නිදහසක් නොදෙන අයට කවර නම් නිදහසක් හා ගෞරවයක් ?

රැහැයි විනාශය තමයි මෙහි අපි අත්දුටු සැබෑ ප්රායෝගික කූටප්රාප්තිය. දැන් ඉතිං පරලොව ගිහිං කෑ ගසාපන් යයි කියා, ඒ ගැන කණගාටුවීමෙන් හා සතුටුවීමෙන් කවර නම් පලක් ද?

මේ තත්ත්වය සැමවිටම ඇටිකුකුලන්ට වාසිදායකයි. අපි දැන් හැමවිටම ඇටිකුකුලන්ට දිනුම දී නිහඬව ඔහේ සිටිමුද ? නැත්නම් ඇටිකුකුලන්ටද පාඩමක් ඉගැන්විය හැකි විධිමත් විකල්ප සංවාදයක් කරා, විධිමත් ප්රායෝගික විකල්ප විසඳුමක් කරා යොමුවෙමුද ? මෙන්න මේ ඉඟිය උදයගේ පැදිපෙලේ නොදැකීමයි මං දකින එකම අඩුව. නැත්නම් මෙය අපූරු දේශපාලන යථාර්ථයක් නිරෑපණය කරන්නාවු අනභිබවනීය නිර්මාණයකි.See more
Sunday at 09:05 · LikeUnlike · 8 people

එම්බා සොඳුරු සිත,
''මේ ගීතය පිළිබඳ කිසියම් රස වින්ඳනයක් කරන්න '' යයි සොඳුරු සිතකින් ඇරයුමක් කළා මතකද? ගීතය ද මා වෙත එව්වා. මේ චිත්‍රපටය මට නරඹන්නට බැරිවූ එකක් බව මා කිව්වා.
චිත්‍රපට ගීතයක් රසවිඳීමේ දී එකී චිත්‍රපටයේ තේමාව, කතා පුවත, එම ගීතය චිත්‍රපටයේ එන අවස්ථාව ආදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. මේ නිසා මා චිත්‍රපටය නරඹා නොතිබීම විශාල අඩුපාඩුවක් වුනා. ඒනිසා චිත්‍රපටිය නැරඹූ කෙනෙක් සොයාගන්න මං උත්සාහ කළා අඩුම වශයෙන් එහි කතා පුවත හා තේමාව ආදී තොරතුරු දැනගන්න. මෙය වසර 35කට පෙර නිපදවූ, චිත්‍රපට අධ්‍යක්ෂ සතිස්චන්ද්‍රයන්ගේ පළමුවන සිනමා නිර්මාණය.  
වරක් මා අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතින් ද සයිබර් අවකාශයට මෙය යොමුකරමින්, ඉල්ලීමක් කළා සහෘදයින්ගෙන් මේ ගීතය පිළිබඳ කිසියම් රසවින්ඳනයක් කරන්න කියලා. එයටත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. අවසානයේ මහත් අමාරුවෙන් චිත්‍රපටය නැරඹු ලංකාවේ මිතුරෙකු සොයාගත්තා. 
((කෙනෙකු සොයාගැනීම අපහසු වූයේ මං ලංකාවේ නොමැති නිසයි. නැත්නම් මං මෙය කෙලින්ම අහන්නේ සතිස්චන්ද්‍ර මහත්මයාගෙන්මයි. එතුමා මා හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙක්.))  
මා සොයා ගත් එම මිතුරා කියූ ඉතාම සුළු වාක්‍ය දෙක තුන අනුව හා ගීතයේ කියවෙන දේ අනුව මගේ වර්ධනයන් හා නිර්මාණයන් සමඟින් චිත්‍රපටයේ කතාව මෙසේය. 
මාතර මුහුද අද්දර ගමක දුප්පත් තරුණයෙකු එහි සිටින පොහොසත්ම පවුලක තරුණිය සමඟ ආදර සබඳතාවක් ඇති කර ගනියි. එහෙත් එයට තරුණියගේ  නිවෙසින් දැඩි විරෝධයක් නැගෙන අතර පසුව තරුණිය වැදගත් පොහොසත් වෙනත් තරුණයෙකුට විවාහ කර දෙයි.                                                             ගීතය පසුබිමින් වැයෙන්නේ මේ අවසාන දර්ශන පෙළ මතයි.                                                            ඔවුන් දෙදෙනා විවාහ වී ගමෙන් පිටවී යනවිට පැරැණි පෙම්වතා ගමේ පාරක  දී මඟුල් වාහන පෙළට මුණගැසේ. මනමාලිය හා පෙම්වතා  නිහඬවම සමුගනියි. වෙන්වෙයි. මඟුල් රථ පෙළ ඈතට යයි. පෙම්වතා ගමේ බෝක්කුව මත තනිවෙයි.
මිතුරා අවසාන වශයෙන් කිව්වේ මේ කතා පුවත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ මහළු බවට පත්වී සිටින එකී පෙම්වතිය වන ''මාතර ආච්චිගේ '' අතීතාවලෝකනයක් ලෙස බවයි.

මේ කතාව කොතරම්දුරට නිවැරදි අංගසම්පූර්ණ එකක් දැයි මා දන්නේ නැහැ. කතාව කියු මිතුරා ද ඔහුට මතක ලෙසින් කිව්වාට ඔහුට ද ඒ පිළිබඳ එතරම් මතකයක් නැහැ. ඒ නිසාම ඔහු නම පවා සඳහන් නොකරන ලෙස  ඉල්ලා සිටියා. නමුත් මෙය කියවන කවරෙක් හෝ වේවා ඉදිරියට පැමිණ සත්‍යය හෙළිදරව් කර මෙහි අඩුපාඩු අකාමකා දමාවි යන පරම විශ්වාසය මත මේ සියළු වැරදිවල වගකීම මා වෙත පවරා ගනිමින් මේ ගීතයේ අගැයුම  කිරීමට තීරණය කළා. 
මගේ උත්සාහය වනුයේ මේ ගීතය රචනා කළ වොලී නානායක්කාරයන්ට හෝ චිත්‍රපටයේ නිර්මාතෘ සතිස්චන්ද්‍රයන්ටහෝ ගායක සුනිල් එදිරිසිංහයින්ට හෝ අපහාස කිරීම නොවන බවත්, ඒ සැමදෙනාටම මගේ ඉහළම ගෞරවය හා උපහාරය පුද කිරීම බවත් පළමුවෙන්ම සපථ කර ප්‍රකාශ කරමි.
මං හිතන විදියට ගීතයේ මුල්පද පේලි කීපයෙන් කියවෙන්නේ පොහොසත් තරුණිය හා දුප්පත් තරුණයා අතර  ඇතිවු ආදර සබඳතාවයි.
''සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි                                           යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී.... ''  
දුප්පත්කම නිසාත්, සමහර විට පහත් යයි සම්මත කුළය නිසාත්, පයට පෑගෙන පාපිස්සක් ගානට වැටී ඇති තරණයෙකු වුව, හැඩවැඩ ඇතිව වැඩී, දැන උගත්කම් ලබාගෙන ගමේ කැපී පෙනෙන්නට පටන් ගත්විට, තහංචි තිබුනත්, රූමත්, පොහොසත්කම් ඇති ළඳක් ආදරය සොයාගෙන ලංවූ බවත්, අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් - යුගයෙන් යුගයට නොමියෙන සදාතනික දහමක් වන දෙහදක ආදරයක් ඉන් ඇතිවූ බවත් අපූරුවට කියවෙයි.  
(අර්ථයෙන් හා භාවිතාවෙන් ''පාපිස්සක්'' වන සඳකඩපහණ ඔප මට්ටම් වූ  පසු අහසේ පාවෙන දේදුනු පවා  ඉන් දැකිය හැකි  බව, නොඑසේනම්, අහස පොළව ලං වන්නාක් මෙන් විවිධ පංති භේද, විෂමතා තිබුනත් ආදරවන්තයින් ළංවන බව කලාත්මකව, ව්‍යංගයෙන් අපූරුවට කියයි. ඔප වැටුන පාපිස්ස නොහොත් සඳකඩපහණින් පෙනෙන්නේ කළු වලාකුළු නොව අහසේ පායන වර්ණවත් දේදුන්නක්. අනිවාර්යයෙන්ම ඇය රූමතියක් බව ඉන් පසක්වෙයි.)
'' නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී...
සියුමැලි කැකුලක් මැලවෙද්දී .... ''  
මේ කොටස චිත්‍රපට කතාවේ ඒ අවස්ථාවට උචිතව ප්‍රකාශ කරන්නක් බවයි මට හිතෙන්නේ. පෙම්වතිය විවාහකර දී සහකරුවා සමග නොපෙනෙන ඈත ගමකට ගෙන යාමත්, ඇයත් ඇගේ ආදරයත් එයින්ම පරවී, මිළින වී යන බවත් ඉන් කියවෙයි.











 








අනුරාධා ගේ පියාගේ අවසන් ගමන

අනුරාධා ගේ  පියාගේ අවසන් ගමන