Translate

Sunday, November 28, 2010

කෙලෙස නුඹ ලොව සනසවන්නේ....


by Udaya Kumara Jayawardhana on Saturday, 27 November 2010 at 13:46
නොදැමි සිත් තුළ වෛර සිතිවිලි
අඳුරු කර ගෙන ගොර බිරම් චණ්ඩව
ඇදී එන මහ මේඝයක් වැනි
පොළව නුබ කුස ගුගුරුවා ලන....


හිරුගෙ සැඩ රැස් කිසිත් නොසිඳම
ගිම් නොනිව මද සිහිල් සුළඟව
සැනසුමක් නොවි ඉරි තැළුණු පොලවට
වැලි කුණාටු තව මවනු ඇයි ලොව....


අවැසි කල කිසි විට නොආවා
වෛරයේ ගිණි පුලිඟු නංවා
කෙලෙස නුඹ ලොව සනසවන්නේ
ගම් දනව් මර බියෙන් පුරවා....


කලට වැසි මෙන් දයාවෙන්
සරණ වී සරුකොට ක්‍රියාවෙන්
අඳුරු නොකරමු ඉදිරි ලෝකය
පතුරවා මනු දම් අමාවෙන්...

    • Wipula Sumanasekera
      මුළු උදය කාලයම දවා හළු කළ දොමනස්ස ස්වභාවය පහ කලේ මේ කවියයි.. උදයගේ මේ නැඹුරැව මූණු පොතේ හැම කවියෙකුට ආදර්ශයක්... අපේ සමස්ත මානව ක්‍රියාදාමයම උදය වචන 8 කින් හකුළුවා කියයි... අපට ඊට වඩා දෙයක් කළ හැකිද ? පුළුවන්නම් ඈවිත් කරන්න...


      '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය                                                                                        පතුරවා මනු දම් අමාවෙන්...''

      ඉඩ ලැබෙන සැටියට මගේ බ්ලොග් එකේ වැඩියමක් කියමි.


      (( මා මේ හදන්නේ එම පොරොන්දුව ඉටු කරන්නයි ))




      උදය මේ කරන ප්‍රකාශනය අතීතය, වර්තමානය හා අනාගතය දුටු සෘෂිවරයෙකුගේ දෘෂ්ඨියකි. නොදැමි යන පදය අධාර්මික මෙන්ම නොදැමුනු නැත්නම් දමනය කරගත නොහැකි යන අර්ථ නංවයි. අහස පොළව උසුලන්නේ නැති මහා විනාශයන් සිදුවන්නේ මිනිසුන් තුළ ​වෛර සිතුවිලි නැගෙන නිසා බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. මෙවැනි ​වෛර සිතුවිලි වලින් සිදුවන්නේ භූමිකම්පා, සුනාමි සහ මහා සුළිසුළං වලින් සිදුවන හාණියට නොදෙවෙනි හානියකි. 

      අපේ මිනිස් චිත්ත සන්ථානයේ ඈතින්නාවු ​​වෛරය නැමති භූමිකම්පා හා සුළිසුළං කුණාටු වලින් අපි දිනෙන් දින විනාශ මුඛය කර ඈදෙමින් සිටිමු... හිරු සඳු ඈතුළු සියළු ග්‍රහයින්ගේ ස්වාභාවික බලපෑම් වලින් මුළු මහත් ලෝකයද , මනුෂ්‍ය වරිගයාද ප්‍රයෝගිකව විනාශ වී ඈති කලෙක , අපට අවශ්‍ය වන්නේ ඒවාට සිසිල් පවන් සලමින් සමනය කළ හැකි දෙයක් මිස, සිදුව ඈති විනාශයන්, විභේදනයන් තව තවත් තීව්‍ර කරන ​​වෛර සිතුවිලිද යන්න උදය පුශ්න කරයි...​

      ස්වභාව ධර්මය හා අනෙකුත් බලවේග අපට පාලනය කළ නොහැකි වෙයි.  අපට පාලනය කළ හැක්කේ අපගේ මනසේ පාලනය පමණි. අප එහෙව් මනසින්, අනෙකුත් මනුෂ්‍යයින් කෙරෙහි මානව හිතවාදී ලෙස, මානව දයාවෙන් යුතුව බලා සිදුව ඈති විනාශයන්ට පිළියම් යොදන ලෙස උදය අපගෙන් ඉල්ලා සිටී. එසේ නොවුනහොත් අපේ ඉදිරි මානව පැවැත්ම - මිනිස් ලොව අනාගතය - විනාශ විය හැකි බවට උදය අනතුරු හඟවයි. ඔහු අවසානයේ '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය - පතුරවා මනු දම් අමාවෙන්... '' යනුවෙන් අප වෙත ආයාචනයක් කරන්නේ එබැවිනි.

      තාරුණ්‍යයේ පසුවන උදය වැන්නෙකුගෙන් මෙවැනි පරිණත ජීවන දෘෂ්ඨියක් , ලෝක දෘෂ්ඨියක් මෙවැනි කුඩා නිසඳැස් පැදියකින් හෝ ප්‍රකාශ වීම පිළිබඳව මම මහත්සේ සතුටු වෙමි. මන්ද, උදය මෙන් සිතන නව පරපුරකින්, පැහැබර ලොවක් හා පැහැබර දීප්තිමත් අනාගතයක් මේ ලොව ජීවත්වන සියළු මනුෂ්‍යයින්ට උදාවෙනු ඈතැයි යන චිත්ත ප්‍රීතියෙන් යුතුව මට මතු දිනක මිය යා හැකි බැවිනි. 

      මේ නයින් බලන කළ උදය කළ මේ පැදි නිර්මාණය සේයා රූ, චිත්‍ර හා රූප සටහන් ආදි ආලවට්ටම් නොමැති උවද ස්වාධීනව නැගී සිටින, ජීවිතය හා මානව පැවැත්ම පිළිබඳ දහමක් ද, පුළුල් දේශපාලන හා සමාජයීය දර්ශනයක් ද රැගත් නිර්මාණයක් බව මම නොපැකිළව කියමි. 















Saturday, November 27, 2010

චිරන්තගේ  '' අග හිඟ වැහි '' 
ගැන මගේ අනාවැකිය





ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය
ඒ එළියත්  නිවා  ඉර  පලවා     හැරිය  
මේ  වැහි අඳුර වළකන දින බෝ දුරය


           යුග  ගණනක  පරපුරු  ඈට  කටු  වළලා  
           ඉදි කළ සිටුමැදුරු  ඈත  නිල් නුබ සිඹලා 
           මේ  යායට  රබර්  වැටුනට   වැහි   ගුගුරා 
           එපියසි  මත  කුඩු  වැහිවත්  නෑ     ඉහිලා 


පොඩි උන්ගේ ඈස් මත කඳුළක්  තියලා
දීපාවලී   කෝළම්     වැස්සට    මැකිලා
අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
                 බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු  
                 ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
                 කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු
                 නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ






චිරන්තගේ ඉහතින් සඳහන්, සඳැස් ගණයේ ලා සැලකිය හැකි පැදිපෙළ මා නැවත මට පුළුවන් හැටියට නිවැරදිව ලේඛන ගත ක​​ළේ ඔහු අතින් එහි බොහෝ සිංහල අක්ෂර දෝෂ සිදුවී ඈති නිසාය. මා නිවැරදි කළ මෙහිද වැරදි ඈත්නම් පෙන්වා දීම කියවන ඔබගේ යුතුකමකි. එය පෙන්වා දුන් සැණින් මම නිවැරදි කරන්නෙමි. 

චිරන්ත පළමු කවියෙන් අපේ සිත්වල මවන්නේ සැමදාම අඳුරු තුරු වදුලක ජීවත්වන්නාවු මිනිසුන් කොට්ඨාශයකි. ''වැද්දෝ'' නොවෙත් නම් ඔවුන් කවුරුද? මෙය අපේ කුතුහලය ඈද බැඳ තබාගැනීමට චිරන්ත කළ නිර්මාණාත්මක උපක්‍රමයකි. එමෙන්ම ඔහු මෙම පැදි පෙළ අපට කියන්නේ, එම තුරු වදුල යට ජීවත්වන්නාවූ මිනිසෙකු ලෙසය.

ගණ තුරු වියන විනිවිද එන්නේ එළිය 
අපෙ ජීවිත වලට එහෙමත්  කලකටය 
ඔවුන් කවුරුන් වුවත් ''අපේ ජීවිත වලට එළිය වැටෙන්නේ එහෙමත් කලාතුරකින් '' බව පැවසීම අප සිත්තුළ මහත්වූ දුකක් සාංකාවක් ඈතිකරයි. දෙවන කවියෙන් ඔහු ඒ ගණතුරු වදුල කුමක්ද යන්න අපට හෙළි කරයි. මේ ''රබර් '' තුරු වදුලක්. ඒකියන්නේ රබර් වත්තක ඈති නිවාස (ලයින්පේලි) වලට කලාතුරකින් වැටෙන හිරු එළිය ගණ වැහිවලාවකින් වැසී ඈති බවත්, එම අඳුර තව බොහෝ දවසක් යන තුරුම පවතිනු ඈති බවත්, ඔහු කලාත්මකව - කාව්‍යයකට උචිතවන ආකාරයෙන් පැවසූ අයුරුයි ඒ.

දෙවන කවිය අති ප්‍රවේගවත් එකකි. පරම්පරා ගණනක් තිස්සේ අපේ මිනිසුන් කඹුරන ලද ශ්‍රමයෙන් නිල්වන් අහස් කුස සිඹගන්නා සිටු මැදුරු ඉදිවී ඈති බවත්, රබර් යායට මහා වැසි ගුගුරා ඈද හැලුනත්, මේ සිටු මැදුරුවල වහලවල් මත නම් එකදු වැහි කුඩක් හෝ ඉතුරුවී නොමැති බවත් පවසයි. එය එකී සිටු මැදුරුවල ජීවත්වන ''සිටුවරයන්ට'' එල්ලකරන ලද උපහාසය දනවන චෝදනාවකි. 
(( කවුද මේ සිටුවරු ??? )) 

ඊළඟ කවෙන් ඔහු වැස්ස නිසා දීපාවලී අවුරුද්ද වෙනුවෙන් ගෙමිදුලේ ඈඳුනු විසිතුරු කෝළම් සේදී යාම නිසා කුඩාවුන්ගේ නෙත් අග කදුළක් නැගී ඈති බව අපට කියයි. එය අපේ දෑසට ද කඳුළක් නංවන සුළුය. තත්ත්වය වඩාත් ශෝචනීය වන්නේ, ලයින් පේළිවල ඉන්නා මෙකී කුඩා දරුවන් පාසැල් වලට යනෙන පාලම්, ඒදඬු කැඩී ඈති නිසාය. 

අකුරට  යනෙන  පාලම්  ඒ දඬු  කැඩිලා 
පැන්සල් පෙට්ටියට කිරි පිහියක් වැඩලා
ඔවුන් ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය ද විසින් ද කිරි කැපීම සඳහා මේ දරුවන් තල්ලු කරදමා ඈති බවත් ඔහු කියන්නේ ගැඹුරු උපහාසයත්, අපහාසයත්, වතු කම්කරුවන් කෙරේ දරුණුම අනුකම්පාවකින් හා වේදනාවකිනි. ඉන් ජනිත වන්නේ ගැඹුරු උත්ප්‍රාසයකි.

ඔහු සිය අවසාන කවෙන් කියන්නේ පොත් වැස්සට තෙමී දිය වුනත් , පාලම් ඒදඬු කැඩී මොනවා වුනත් ඉගෙනීම, අධ්‍යාපනය නතරකරන්න නම් එපා !

බොඳවී දිය වුනත් පෙළ පොත් මත අකුරු 
ආනා ආවන්නා මොළ ගෙඩි මත කොටනූ
 
 එසේ කියන ඔහු පැදිපෙළ අවසාන කරන්නේ, ජීවත්වන සමාජ ක්‍රමය හා ස්වභාව ධර්මය විසින් ද හැමදාම ජන්ම උරුමයෙන් ජීවිත භුක්තියට - සින්නක්කරයට ලියා දෙන මේ දුක්ඛිත ජීවිතය, එනම් කැහැටු කෙට්ටු සිරුරකින් යුතුව හැමදාම උල් පිහි කටු වලින් කරන රබර් කිරි කපන ජීවිතය, ''නුවණ '' නැමති හස්තයෙන් උදුරා දමන්නයයි ඉල්ලමිනි.

කෙසඟ  සිරුරු  හූරණ   උල්   නිය  පඳුරු  
නුවණ    අතින්    දරුවනි    උදුරා    දමනූ
චිරන්තගේ මෙම පැදිපෙළ මා දකින්නේ, අප රටේ නිරන්තරයෙන් දුක් විඳින, නිර්ධන ජන කොට්ඨාශයක්වන, රබර් වතු කම්කරුවන්ගේ දුක්ඛිත දිවියේ යථාර්ථය ඉතාම සංවේදී ආකාරයෙන් කියාපාන ගැඹුරු දේශපාලන හා සමාජයීය අරුතක් ගැබ්ව ඈති පැදි පෙළක් ලෙසය. මේ පැදි පෙළ කියවන ඕනෑම අයෙකුට චිරන්ත අපූරු මානව හිතවාදි කලාකරුවෙකු බව මොනවට පසක් වෙයි. ඔහුට මගේ ආචාරය හිමිය.

 එහෙත් කිවයුතු තවත් වැදගත් කරුණු කීපයක්ද ඈත. මෙම පැදි පෙළ ලියා ඈත්තේ සඳැසක් ලෙසය. එහෙත් සඳැසක දී පිළිපැදිය යුතු ''කාව්‍ය ව්‍යාකරන දෝෂ, යවහන් දෝෂ, එළිසම දෝෂ, විරිත් දෝෂ, ගණ හා මාත්‍රා දෝෂ මෙන්ම අක්ෂර දෝෂ'' මෙහි බහුලය. ඒවා නිවැරදි ගන්නා ලෙස ද ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අයැද සිටිනවා. මූලිකවම සඳැසක් වීමට නම් එය එලිසමය සුරැකි, කිසියම් විරිතකට අනුව ලියවුනු, මාත්‍රා ගණන සමාන වුනු සමාන පද පේළි 4 කින් සමන්විත විය යුතුය. මේ ගැන සැලකිලිමත්වීම වටී. අනෙකුත් දෝෂ අත්‍යාවශ්‍යම නොවේ. මේ දෝෂ ඈත්නම් කවිය කියවෙන්නේ නැත. මේ මූලික වැරදි ටික හදාගතහොත් එයින් ඔබගේ නිර්මාණ තව තවත් ඉහළට එසවෙනවාට කිසිම සැකයක් නෑ.


Wednesday, November 24, 2010

අනුරාධාගේ කවිය ගැන මට හිතුන දේවල්

අපේ කාලයේ පටාචාරාවක්......

මෙය අපේ සමකාලීන සමාජයේ සුලභ අත්දැකීමක්. නමුත් අනුරාධා ඒ ගැන සිතන අයුරු කිසියම් නැවුම් බවක් ගනී. ඊළඟට ඇය, ඈගේ සිතුවිලි කවිපද බවට පත් කරනවිට මෙය සුලභ අත්දැකීමක් යන සිතුවිල්ල අපෙන් පහවයයි.

ස්වාමියා හැරගිය අසරණ මවක් සිය සැමියා හා දරුවන් ගැන සිතන්නී , ඈය තවත් එක් අසරණ මවක් නොවේ... ඈය පත්ව ඈත්තේ පෙර කල පටාචාරාව පත්වූ තැනටමය.  එනම් සියදිවි නසාගන්නා තැනටය. 

මෙවන් විටෙක දරුවන්ද සමගින් සිය දිවි තොර කරගන්නා ලද මව්වරුන් ගැනද, දරුවන් වැසිකිළි වලවල්වලට හා ගංගා ඈළදොළ ආදියට දමා මරා දැමූ මව්වරුන් කරා ද අපේ සිත් යොමුවෙයි.  

තනිවී හදවතින් වැළපෙන ඈයගේ රාත්‍රිය ඉතා දිගුය. ඈයට එය කෙටිකරගැනීමට උවමනා වන්නේ පසුදා එළිය වැටෙන්නට පෙර ඈය ක්‍රියාත්මක කිරීමට යන අදහසක් කරා යොමුවන්නටය.

ඈගේ සිත මැසිවිලි නගයි...අහස් කුස අඳුරුයි පාළුයි...රැහැයියෝ වැළපෙමින් ඈගෙන් කඳුළු සලන්නේ ඈයි දැයි විමසනවාලු... මං විඳවන දුක ගැන වගේ වගක් නොමැතිව නුඹ ඈයත් සමග නිදියනවා ඈති යයි ඈය කියයි... මෙය ඕනෑම අයෙකුගේ සිතේ සියුම් වේදනාවක් ඈති කරන සුළුයි...

නුඹේ පෙම නැතිවුනේ, මැකුනේ කෙළෙසදැයි, ඈය කළ වරද කුමක්දැයි ඈය තාමත් නොදනියි... ඈගෙන් කවර වරදක් සිදු වුනාද මෙලෙස දඬුවම් ලබන්නට යයි ඈ ප්‍රශ්න කරයි. පුදුමවෙයි.  


කිසිදු වරදක් ඈයට සිතාගන්නට බැරිවීම ගැන මට ද පුදුම සිතේ. කිසිදු දෙයක් නොකියා පිරිමියෙකු ​දරැවෙක් හා ගැහැනියක් අතහැර යයි ද යන පැණය මසිතට නැගේ. එය දැන් මොහොතකට අමතක කරමු.


කෙසේ වුවද, ඈය තුළ ඈති දුක්ඛ දොමනස්සයන් හා අසරණකම තව තවත් තීව්‍ර කිරීමට අනුරාධා කියන මේ පදවල ප්‍රබල බලයක් ඈතැයි මට සිතේ... ඒ පද අරුත්බරයි.  

ඈ පිළිබඳ අනුරාධා ගොඩනඟන මේ අසරණකම - අනුකම්පාව ඈය අවසානයේ කිසියම් භූමිකම්පාවක් කරා ගෙන යන සැටි අපූරුය. එය නිර්මාණශීලී උපක්‍රමයකි.

ඈයගේ අසරණ බව කෙරේ අපව මානසික වශයෙන් ඈද බැඳ තබාගැනීමට දිගින් දිගටම උත්සාහ කරන අනුරාධා දෙනෙතට ගැලූ කඳුළු කැටය ඔහුම බවත්, ඒ නිසාම දෙතොල සිනාවකින් තොරව පාළු වී ඈති බවත් පවසමින් මහත් වූ සංතාපයක් අප සිත් තුළ ඈති කරවමින්, කවියේ කූටප්‍රාප්තිය වෙත ක්‍රමයෙන් සමීප වෙයි. 

පසුදා හිරු නැගෙන්නට පෙර සෙනෙහසේ බැඳීම් අහිමිව, තැළුන පෑරුන සිතත් රැගෙන අඳුරේම නිවසින් පිට මං වන බව ඈය පවසයි. මේ යන්නේ කොහේද ? සිය සිවි නසා ගැන්මටද? 

ඈට දරුවෙක් සිටිනා බවක් මෙතෙක් - මුල් කවි 5 තුළදීම ඈ පවසා නොමැත. අවසාන කවියේදී අනුරාධා ඒ බව හෙළිකරයි... 

( පැදියේ වම් පැත්තේ සිතුවමක් ඈත. පැදි වලට සිතුවම්/සේයා රූ දැමීම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. කවිය සේයාරුවක් නොමැතිව පෙනී සිටීමේ ශක්තිය තිබිය යුතුය. සේයාරුවකින් හෝ චිත්‍රයකින් අර්ථ දැක්වීමට ගොස් කවිය කිහිලි කරුවලින් යන විකලාංග ආබාධිතයෙකු නොකරන මෙන් මං කවීන්ගෙන් ඉල්ලා සිටිනවා. )

මව්පිය සෙනෙහෙ බිඳීම නිසා දරුවාගේ නෙතඟ කඳුළක් නැගී තිබෙනු දකින ඈය දිව්රුමක් දෙන්නේ, ''සිරුර හැර තමා සතු සියළු සන්තකය විකුනා හෝ දරුවා රකින බව'' ඈය සපථ කරයි. ​

මේ මව අපූරු මවකි. අප අසා ඈති , කියවා ඈති බොහො කතාවල එන්නේ දරුවන් වෙනුවෙන් සිය ශරීරය පවා විකුණූ අම්මලාය. මැය චරිතවත් මවකි. ආත්ම විශ්වාසය ඈති මවකි. ශරීරය විකුණන තැනට නොවැටෙන බව විශ්වාස මවකි. ඒ සියළු කැපකිරීම් කර ඈය දරුවා සුරකිමින් රැකගැනීමට සපථ කරන්නේ ආදරයේ සුවඳයි.නො එසේනම් ඒ දරුවාය.
 
දරුවා පිළිබඳ අවසානයේ හෙළිකිරීම කිසියම් තීව්‍ර නාට්‍යම අවසානයක් කරා අප කැඳවාගෙන ගියද, පැදියේ මුල් කවි 5 දීම, තනිකරම ආදරය හා ඈය ගැනම සිතමින් රාත්‍රියේ පසුතැවෙන මවට නිකමටවත් සිය දරුවා සිහිපත් නොවීම යථාර්ථයෙන් ඇත්වූ , කිසියම් අභව්‍යයකැයි සිතේ. අනෙක් අතට මවගේ අසරණකම තවත් වඩා හොඳින් තීව්‍ර කිරීමට තිබුණු අවස්ථාවක් ඈය අතින් මේ නිසා ගිළිහෙන බව  පෙනේ. මේ නිසා කිසියම් අඳුරු සෙවනැල්ලක් පැදියට එක්වේ යයි මට හැ​ඟේ. 

එසේ නොවන්නට මෙන්ම ඉහත සඳහන් සුළු අඩුපාඩුවක් හැරුනුවිට මෙම කවිය අපූරු මවක් වටා ගෙතුනු, අපූරු කාව්‍යයක් වන්නට  ඉඩ තිබින. සමස්තය ගැන සලකා බලන කල මෙයද අනුරාධා විසින් විරචිත අපූරු සාර්ථක කාව්‍යයකි. එය අපගේ සිත් බෙහෙවින් සසල කරන බව මම නොපැකිලව කියමි.














Tuesday, November 23, 2010

රුක්ෂිලා වෙත්තිමුණි සොයුරියගේ කවිය ගැන මට හිතෙන හැටි.







නෂ්ටප්‍රාප්ත වූ 
බලාපොරොත්තු 
පොදි බැඳගත් 
දඟකාර 
සිතින් බැඳි 
හදවත 
මල කෑ
සීතල 
යකඩ අවුලකින් 
ගැඹුරටම හාරා 
සිනාසෙයි 
මටම.... 




Wipula Sumanasekera
රුක්ෂිලා ඈත්තෙන්ම කිසියම් නැවුම් බවක් - කලාත්ම බවක් - හෘදයාංගම බවක් - සංවෘත (විවෘත නැති) ස්වභාවයක් තියෙනවා... ඉහතින් ශාමෙන් සඳහන් කර ඈති අදහස මා තුළත් ඈතිවෙනවා. විටෙක මා මෙහි කවි නිර්මාණ ඉදිරිපත් කරන අනුරාධා තුළද මේ පසුගාමීත්වය දකිනවා... පසුගිය නිර්මාණ කීපකදීම මා ඈයගේ කවි කියවා අදහස් නොදැක් වූයේ එබැවින්....

ඔබේ නිර්මාණය යටින් දිවයන්නේ, ගුප්ත පසුගාමී, අසුබවාදී බවක්.... මෙතැනින් ඔබ වෙනස්විය යුතුයයි හැඟෙයි.... එය අපට කළ නොහැකියි.

මං මෙහෙම අහන්නම්... මේ නිර්මාණය කියවන සහෘදයෙකුට ඔබ තිලිණ කරන ආනන්දය කුමක්ද ? ආනන්දයක් නොවන්නේ නම් ප්‍රඥාව ගැන කවර නම් කතාවක්ද ?

ජීවිතයේ යථාර්ථය වටහාගන්නත්, එය ඔබ ඈතුළු සියළුම හුදීජනයාගේ හා සහෘදයන්ගේ සුබවාදී ඉදිරිගමනේ පුගතිය පිණිසත් ඉවහග් කරගත හැකි , අන් කවරෙකුටවත් නොමැති තරමේ රැකියාවකි ඔබ කරන්නේ. නැ
ද්ද ? ඔබ ඒ රැකියාවේ අරමුණ හරිහැටි වටහාගත්තා ද? ඔබ ඉතිහාසය ගොඩගන්නේ වැළපෙන්නටද ? පසුතැවෙන්නට ද? එසේනම් වහාම ඔබ වෙනත් සුදුසු රැකියාවක් තෝරාගන්න....

මං මේ සියල්ල පැවසුවේ ඔබට, ඔබේ නිර්මාණයන්ට හා ඔබ තුළ ඈති නිර්මාණ හැකියාවන්ට ඈති ආදරය නිසා මිස අනාදරයෙන් නම් නොවන බව කරුණාවෙන් වටහාගන්නේ නම් මැනවි. මං කෙළින් කියනවා... ඒකට ව්‍යංගයක් නෑ...



Wipula Sumanasekera
සිතුමිණි, මා රුක්ෂිලාට පමණක් නොව කාටවත් වැටකොටු බැන්දා හෝ තහංචි දැම්මා නොවේ...මා කතා කලේ රුක්ෂිලා ගැනද නොවේ... මා කතා කලේ රුක්ෂිලා විසින් කරන ලද නිර්මාණය ගැන හා එකී නිර්මාණයේ නිරුපණය කරන චරිතය ගැන මෙන්ම එහි මානසික ස්වභාවය ගැනය. විප්‍රලම්භ සෘංගාරය ගැන විවාදයක් නැත. මේ එවැනි නිර්මාණයක්ද ? එසේනම් එතුළින් සහෘදයෙකුට ළඟාවිමට ඉඟිකරන - දිරිදෙන අන්තය කුමක්ද යන්නයි මා ප්‍රශ්න කළේ.

රෝමියෝ ජූලියට් ඈතුළු සියළුම ඛේදාන්ත පසුගාමී - අසුබවාදී නිර්මාණද ? එවා අවසානයේ සහෘදයන්ට එල්ල කරන්නේ අසුබවාදී, පසුගාමී වැළපීමක් පමණ ද? මා එසේ පවසා ඈද්ද ? ඒවැනි නිර්මාණ වළලා දමන්න යයි මා පවසා ඈද්ද ? එවැනි නිර්මාණ ඈත්තටම අසුබවාදීද ?

රුක්ෂිලාට සුබවාදී කවි ලියන්නයයි මා පවසා නැත. ඔබ කියනා පරිදිම විප්‍රලම්භ රස නිෂ්පත්තිය මා
ප්‍රතික්ෂේප කළේ ද නැත. යමක් රස විඳිනා කෙනෙකුට ඒ පිළිබඳව යමක් සෘජුව පුකාශ කිරීමේ අයිතියක් ඈත. මා කළේ එයයි. රුක්ෂිලා මට ඕනෑ කවි ලිවිය යුතුයයි කීවා නොවේ.

එහෙත් ඈය වෙනස්විය යුතු බවද, එය ඈය විසින්ම කළ යුතු බවද පැවසීමී. එය පිළිගැනීම හෝ නොගැනීම ඈ සතුය. මං දෙවියන්වහන්සේ නම් නොවෙයි. අතීතය ගැන වැළපීම හා එහි සිරවී සිටීම නිවැරදි නම් ඔබ ද, ඔබ අනුමත කරන කවි කිවිඳියෝ ද එහිම ඈලී ගැලී, වැළපි වැළපී සිටින්න. එය රුක්ෂිලා ද තෝරාගන්නේ නම් එය ඈගේ කැමැත්ත හා නිදහසය. එයට පක්ෂව හා ප්‍රතිවිරුද්ධව අදහස් දැක්වීම මා ඈතුළු අනෙක් අයගේ කැමැත්ත හා නිදහසය. එම නිදහස මට නැත්නම්, මෙලෙස අදහස් දැක්වීමේ පලක්ද නැත. ඔබටද පෙරලා මගෙන් පුශ්න කිරීමේ නිදහසද නැති බව කරුණාවෙන් සලකන්න.
Wipula Sumanasekera
‎@ සිතුමිණි -  මා එසේ ඉල්ලා නැත. මා කලේ ඈගේ නිර්මාණයේ මට හැඟෙන, නොහැඟෙන දේ ප්‍රශ්න කිරීම පමණි. මා නිසාම, මා කියනා පරිදිම ඈය වෙනස්වි යුතුයයි බල කිරීම ද නොවේ. ඔබ මගෙන් කළ ලෙසින්ම, මා ඈගෙන් පුශ්න කිරීම පමණි. ඈ ගැන තීරණයක් ගැනීම ඈයට භාරයි. ඈ...ගේ නිර්මාණ අපට සාපේක්ෂව රසවිඳීම හෝ අදහස් පුකාශ කිරීම හෝ නොකිරීම අපගේ කාර්යයකි.

අමතක වූ එක් දෙයක් කියමි... අදහස් දක්වන අපගේ සියළු අදහස් අපට සාපේක්ෂය. ඒ පිළිබඳ විවාද කරනවාට වඩා මූලික නිර්මාණය ගැන රසවිඳීමක් කිරීමයි අප කළයුත්තේ. එයයි මා සැම විටම කරන්නේ සහ අගය කරන්නේ. අප එතැනින් නතර වී රුක්ෂිලා වැනි කවි කිවිඳියන්ට තමන්ගේ සිතැගි අනුව අප කියන දේවල් පිළිගෙන හෝ නොපිළිගෙන සිය නිර්මාණයන් කරගෙන යන්න ඉඩදෙමු.
අපි ඒවා - එම නිර්මාණ - අපිට රුචි පමණින් රස විඳිමු. වි​​වේචනය කරමු. නමුත්, විවේචන හා අදහස් විවේචනයෙන් වළකිමු. 
((( මෙය විවේචනයට හා විවාදයට විවෘතයි... රුක්ෂිලාගේ කවිය පසෙක ලා විවේචන හා විවේචක විවේචනයට ගියාම රුක්ෂිලාගේ කවියට සිදුවන්නේ අසාධාරණයක්. ඒ නිසයි පාරෙන් පිට පැන මෙතෙන්ට ආවේ. )))