Translate

Sunday, November 28, 2010

කෙලෙස නුඹ ලොව සනසවන්නේ....


by Udaya Kumara Jayawardhana on Saturday, 27 November 2010 at 13:46
නොදැමි සිත් තුළ වෛර සිතිවිලි
අඳුරු කර ගෙන ගොර බිරම් චණ්ඩව
ඇදී එන මහ මේඝයක් වැනි
පොළව නුබ කුස ගුගුරුවා ලන....


හිරුගෙ සැඩ රැස් කිසිත් නොසිඳම
ගිම් නොනිව මද සිහිල් සුළඟව
සැනසුමක් නොවි ඉරි තැළුණු පොලවට
වැලි කුණාටු තව මවනු ඇයි ලොව....


අවැසි කල කිසි විට නොආවා
වෛරයේ ගිණි පුලිඟු නංවා
කෙලෙස නුඹ ලොව සනසවන්නේ
ගම් දනව් මර බියෙන් පුරවා....


කලට වැසි මෙන් දයාවෙන්
සරණ වී සරුකොට ක්‍රියාවෙන්
අඳුරු නොකරමු ඉදිරි ලෝකය
පතුරවා මනු දම් අමාවෙන්...

    • Wipula Sumanasekera
      මුළු උදය කාලයම දවා හළු කළ දොමනස්ස ස්වභාවය පහ කලේ මේ කවියයි.. උදයගේ මේ නැඹුරැව මූණු පොතේ හැම කවියෙකුට ආදර්ශයක්... අපේ සමස්ත මානව ක්‍රියාදාමයම උදය වචන 8 කින් හකුළුවා කියයි... අපට ඊට වඩා දෙයක් කළ හැකිද ? පුළුවන්නම් ඈවිත් කරන්න...


      '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය                                                                                        පතුරවා මනු දම් අමාවෙන්...''

      ඉඩ ලැබෙන සැටියට මගේ බ්ලොග් එකේ වැඩියමක් කියමි.


      (( මා මේ හදන්නේ එම පොරොන්දුව ඉටු කරන්නයි ))




      උදය මේ කරන ප්‍රකාශනය අතීතය, වර්තමානය හා අනාගතය දුටු සෘෂිවරයෙකුගේ දෘෂ්ඨියකි. නොදැමි යන පදය අධාර්මික මෙන්ම නොදැමුනු නැත්නම් දමනය කරගත නොහැකි යන අර්ථ නංවයි. අහස පොළව උසුලන්නේ නැති මහා විනාශයන් සිදුවන්නේ මිනිසුන් තුළ ​වෛර සිතුවිලි නැගෙන නිසා බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. මෙවැනි ​වෛර සිතුවිලි වලින් සිදුවන්නේ භූමිකම්පා, සුනාමි සහ මහා සුළිසුළං වලින් සිදුවන හාණියට නොදෙවෙනි හානියකි. 

      අපේ මිනිස් චිත්ත සන්ථානයේ ඈතින්නාවු ​​වෛරය නැමති භූමිකම්පා හා සුළිසුළං කුණාටු වලින් අපි දිනෙන් දින විනාශ මුඛය කර ඈදෙමින් සිටිමු... හිරු සඳු ඈතුළු සියළු ග්‍රහයින්ගේ ස්වාභාවික බලපෑම් වලින් මුළු මහත් ලෝකයද , මනුෂ්‍ය වරිගයාද ප්‍රයෝගිකව විනාශ වී ඈති කලෙක , අපට අවශ්‍ය වන්නේ ඒවාට සිසිල් පවන් සලමින් සමනය කළ හැකි දෙයක් මිස, සිදුව ඈති විනාශයන්, විභේදනයන් තව තවත් තීව්‍ර කරන ​​වෛර සිතුවිලිද යන්න උදය පුශ්න කරයි...​

      ස්වභාව ධර්මය හා අනෙකුත් බලවේග අපට පාලනය කළ නොහැකි වෙයි.  අපට පාලනය කළ හැක්කේ අපගේ මනසේ පාලනය පමණි. අප එහෙව් මනසින්, අනෙකුත් මනුෂ්‍යයින් කෙරෙහි මානව හිතවාදී ලෙස, මානව දයාවෙන් යුතුව බලා සිදුව ඈති විනාශයන්ට පිළියම් යොදන ලෙස උදය අපගෙන් ඉල්ලා සිටී. එසේ නොවුනහොත් අපේ ඉදිරි මානව පැවැත්ම - මිනිස් ලොව අනාගතය - විනාශ විය හැකි බවට උදය අනතුරු හඟවයි. ඔහු අවසානයේ '' අඳුරු නොකරමු ඉදිරි ලෝකය - පතුරවා මනු දම් අමාවෙන්... '' යනුවෙන් අප වෙත ආයාචනයක් කරන්නේ එබැවිනි.

      තාරුණ්‍යයේ පසුවන උදය වැන්නෙකුගෙන් මෙවැනි පරිණත ජීවන දෘෂ්ඨියක් , ලෝක දෘෂ්ඨියක් මෙවැනි කුඩා නිසඳැස් පැදියකින් හෝ ප්‍රකාශ වීම පිළිබඳව මම මහත්සේ සතුටු වෙමි. මන්ද, උදය මෙන් සිතන නව පරපුරකින්, පැහැබර ලොවක් හා පැහැබර දීප්තිමත් අනාගතයක් මේ ලොව ජීවත්වන සියළු මනුෂ්‍යයින්ට උදාවෙනු ඈතැයි යන චිත්ත ප්‍රීතියෙන් යුතුව මට මතු දිනක මිය යා හැකි බැවිනි. 

      මේ නයින් බලන කළ උදය කළ මේ පැදි නිර්මාණය සේයා රූ, චිත්‍ර හා රූප සටහන් ආදි ආලවට්ටම් නොමැති උවද ස්වාධීනව නැගී සිටින, ජීවිතය හා මානව පැවැත්ම පිළිබඳ දහමක් ද, පුළුල් දේශපාලන හා සමාජයීය දර්ශනයක් ද රැගත් නිර්මාණයක් බව මම නොපැකිළව කියමි. 















4 comments:

  1. මගේ කවිය ගැන විපුල අයියාගේ විග්‍රහය ගැන කිසිත් පැවසීම නොහොබිනා කමකි. මාගේ තව තව ඔබ දකින අඩුපාඩු වෙතොත් පෙන්වාදීම මැනවි. අඩුපාඩු, දෝෂ ප්‍රසිද්ධියේ පෙන්වාදීමෙන් කිසිවිටෙක මම උදහස් නොවන බවට මෙහිදී විපුල අයියාට සහතිකයක්ද ලබාදෙමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වූ පිළිතුරක්... මල්ලී ඔබට ස්තූතියි... දැන් අවුරුදු 7කට පස්සේ... කවි ලියවෙන්නෙම නෑ නේද ? ලියන්නකෝ...

      Delete
  2. අඩෝ මේ මට බොරු නං කියන්න එපා මචෝ...මේ අපූරුවට ටයිප් වෙන ඒව පේස්ට් කරන්න පුලුවන්නෙ ඕනෙ මගුලක..!!

    ReplyDelete
    Replies
    1. යකො දැන් පුලුවන්... මේ 2010 නෙ...

      Delete