Translate

Wednesday, November 24, 2010

අනුරාධාගේ කවිය ගැන මට හිතුන දේවල්

අපේ කාලයේ පටාචාරාවක්......

මෙය අපේ සමකාලීන සමාජයේ සුලභ අත්දැකීමක්. නමුත් අනුරාධා ඒ ගැන සිතන අයුරු කිසියම් නැවුම් බවක් ගනී. ඊළඟට ඇය, ඈගේ සිතුවිලි කවිපද බවට පත් කරනවිට මෙය සුලභ අත්දැකීමක් යන සිතුවිල්ල අපෙන් පහවයයි.

ස්වාමියා හැරගිය අසරණ මවක් සිය සැමියා හා දරුවන් ගැන සිතන්නී , ඈය තවත් එක් අසරණ මවක් නොවේ... ඈය පත්ව ඈත්තේ පෙර කල පටාචාරාව පත්වූ තැනටමය.  එනම් සියදිවි නසාගන්නා තැනටය. 

මෙවන් විටෙක දරුවන්ද සමගින් සිය දිවි තොර කරගන්නා ලද මව්වරුන් ගැනද, දරුවන් වැසිකිළි වලවල්වලට හා ගංගා ඈළදොළ ආදියට දමා මරා දැමූ මව්වරුන් කරා ද අපේ සිත් යොමුවෙයි.  

තනිවී හදවතින් වැළපෙන ඈයගේ රාත්‍රිය ඉතා දිගුය. ඈයට එය කෙටිකරගැනීමට උවමනා වන්නේ පසුදා එළිය වැටෙන්නට පෙර ඈය ක්‍රියාත්මක කිරීමට යන අදහසක් කරා යොමුවන්නටය.

ඈගේ සිත මැසිවිලි නගයි...අහස් කුස අඳුරුයි පාළුයි...රැහැයියෝ වැළපෙමින් ඈගෙන් කඳුළු සලන්නේ ඈයි දැයි විමසනවාලු... මං විඳවන දුක ගැන වගේ වගක් නොමැතිව නුඹ ඈයත් සමග නිදියනවා ඈති යයි ඈය කියයි... මෙය ඕනෑම අයෙකුගේ සිතේ සියුම් වේදනාවක් ඈති කරන සුළුයි...

නුඹේ පෙම නැතිවුනේ, මැකුනේ කෙළෙසදැයි, ඈය කළ වරද කුමක්දැයි ඈය තාමත් නොදනියි... ඈගෙන් කවර වරදක් සිදු වුනාද මෙලෙස දඬුවම් ලබන්නට යයි ඈ ප්‍රශ්න කරයි. පුදුමවෙයි.  


කිසිදු වරදක් ඈයට සිතාගන්නට බැරිවීම ගැන මට ද පුදුම සිතේ. කිසිදු දෙයක් නොකියා පිරිමියෙකු ​දරැවෙක් හා ගැහැනියක් අතහැර යයි ද යන පැණය මසිතට නැගේ. එය දැන් මොහොතකට අමතක කරමු.


කෙසේ වුවද, ඈය තුළ ඈති දුක්ඛ දොමනස්සයන් හා අසරණකම තව තවත් තීව්‍ර කිරීමට අනුරාධා කියන මේ පදවල ප්‍රබල බලයක් ඈතැයි මට සිතේ... ඒ පද අරුත්බරයි.  

ඈ පිළිබඳ අනුරාධා ගොඩනඟන මේ අසරණකම - අනුකම්පාව ඈය අවසානයේ කිසියම් භූමිකම්පාවක් කරා ගෙන යන සැටි අපූරුය. එය නිර්මාණශීලී උපක්‍රමයකි.

ඈයගේ අසරණ බව කෙරේ අපව මානසික වශයෙන් ඈද බැඳ තබාගැනීමට දිගින් දිගටම උත්සාහ කරන අනුරාධා දෙනෙතට ගැලූ කඳුළු කැටය ඔහුම බවත්, ඒ නිසාම දෙතොල සිනාවකින් තොරව පාළු වී ඈති බවත් පවසමින් මහත් වූ සංතාපයක් අප සිත් තුළ ඈති කරවමින්, කවියේ කූටප්‍රාප්තිය වෙත ක්‍රමයෙන් සමීප වෙයි. 

පසුදා හිරු නැගෙන්නට පෙර සෙනෙහසේ බැඳීම් අහිමිව, තැළුන පෑරුන සිතත් රැගෙන අඳුරේම නිවසින් පිට මං වන බව ඈය පවසයි. මේ යන්නේ කොහේද ? සිය සිවි නසා ගැන්මටද? 

ඈට දරුවෙක් සිටිනා බවක් මෙතෙක් - මුල් කවි 5 තුළදීම ඈ පවසා නොමැත. අවසාන කවියේදී අනුරාධා ඒ බව හෙළිකරයි... 

( පැදියේ වම් පැත්තේ සිතුවමක් ඈත. පැදි වලට සිතුවම්/සේයා රූ දැමීම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. කවිය සේයාරුවක් නොමැතිව පෙනී සිටීමේ ශක්තිය තිබිය යුතුය. සේයාරුවකින් හෝ චිත්‍රයකින් අර්ථ දැක්වීමට ගොස් කවිය කිහිලි කරුවලින් යන විකලාංග ආබාධිතයෙකු නොකරන මෙන් මං කවීන්ගෙන් ඉල්ලා සිටිනවා. )

මව්පිය සෙනෙහෙ බිඳීම නිසා දරුවාගේ නෙතඟ කඳුළක් නැගී තිබෙනු දකින ඈය දිව්රුමක් දෙන්නේ, ''සිරුර හැර තමා සතු සියළු සන්තකය විකුනා හෝ දරුවා රකින බව'' ඈය සපථ කරයි. ​

මේ මව අපූරු මවකි. අප අසා ඈති , කියවා ඈති බොහො කතාවල එන්නේ දරුවන් වෙනුවෙන් සිය ශරීරය පවා විකුණූ අම්මලාය. මැය චරිතවත් මවකි. ආත්ම විශ්වාසය ඈති මවකි. ශරීරය විකුණන තැනට නොවැටෙන බව විශ්වාස මවකි. ඒ සියළු කැපකිරීම් කර ඈය දරුවා සුරකිමින් රැකගැනීමට සපථ කරන්නේ ආදරයේ සුවඳයි.නො එසේනම් ඒ දරුවාය.
 
දරුවා පිළිබඳ අවසානයේ හෙළිකිරීම කිසියම් තීව්‍ර නාට්‍යම අවසානයක් කරා අප කැඳවාගෙන ගියද, පැදියේ මුල් කවි 5 දීම, තනිකරම ආදරය හා ඈය ගැනම සිතමින් රාත්‍රියේ පසුතැවෙන මවට නිකමටවත් සිය දරුවා සිහිපත් නොවීම යථාර්ථයෙන් ඇත්වූ , කිසියම් අභව්‍යයකැයි සිතේ. අනෙක් අතට මවගේ අසරණකම තවත් වඩා හොඳින් තීව්‍ර කිරීමට තිබුණු අවස්ථාවක් ඈය අතින් මේ නිසා ගිළිහෙන බව  පෙනේ. මේ නිසා කිසියම් අඳුරු සෙවනැල්ලක් පැදියට එක්වේ යයි මට හැ​ඟේ. 

එසේ නොවන්නට මෙන්ම ඉහත සඳහන් සුළු අඩුපාඩුවක් හැරුනුවිට මෙම කවිය අපූරු මවක් වටා ගෙතුනු, අපූරු කාව්‍යයක් වන්නට  ඉඩ තිබින. සමස්තය ගැන සලකා බලන කල මෙයද අනුරාධා විසින් විරචිත අපූරු සාර්ථක කාව්‍යයකි. එය අපගේ සිත් බෙහෙවින් සසල කරන බව මම නොපැකිලව කියමි.














8 comments:

  1. මේක අපූරු වැඩක් විපුල. මගේ සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
  2. ශාමෙන් ඔයා මහන්සිවෙලා මේක බැලුවට ස්තූතියි... මං ප්‍රසිද්ධියේ කමෙන්ට් දාන්න ලියාම තරහකාරයෝ ඈතිවෙන බවක්- වැඩිවන බවක් පෙනුනා. කුණුහරුපෙන් එන ඊමේල් වැඩිවුනා. ඒනිසා මෙවැනි ක්‍රමයක් තෝරාගත්තා.
    ඔබ වැන්නො මට ​​ධෛර්යයක්...
    නැවතත් ස්තූතියි.

    ReplyDelete
  3. I like your comment Wipula! A good critique.

    ReplyDelete
  4. සියල්ලටම පලමුව ඔබගේ බ්ලොග්කරණයට සුභ පතමි..!
    කවියට ඔබ ලියනලද විචාරය කියවා මා සතුටට පත්වුන අතර, මෙහිදී කවි සමග ඡායාරූප පලකිරීම පිළිබඳව මමද මුලදී විරුද්ධවීමි. පසුව ඡායාරූප අනුව කවි ලිවීමට මා ඇදී ගිය අතර ටික දිනකින් එයින් සිදුවෙන හානිය ද වටහා ගතිමි. මක්නිසාද යත්, කවිය රසවිඳින්නා කවියට වඩා අවධානයක් රූපයෙන් දැක්වෙන දේට යොමුකිරීමට ඇති හැකියාවයි. අනෙක් කරුණ රූපය හා කවිය අතර ගැටුම්ද හටගත හැකිය.
    කෙසේවුවද බොහෝවිට අනුරාධා සොයුරිය පලකරන ලද ඡායාරූප වලින් එතරම් හානියක් ඇගේ කවියට තවම සිදුවී නොමැත. මේ ප්‍රවනතාවය අපි හැම කල්පනාවෙන් පරීක්ෂා කලයුතුය. චිරන්ත සොයුරාගේ රූප රහිත කවි මම නොමදව අගය කරමි. ඉන්දික අයියා තරමක ප්‍රකාශනාත්මක පසුබිම් වල තම කවි පලකරන ආකාරය තරමක් මැදහත් ක්‍රමයක් ලෙස සැලකීමටද පුළුවන.
    මාගේ අවංක හැඟීම නම් කවියට ස්වාධීන පැවැත්මක් ඇතිමුත් ඡායාරූප සමග කවිය පලකිරීම හෝ ග්‍රැෆික් නිර්මාණ යොදාගැනීම වැලැක්වීමට නොහැකි බවයි. අවසන් වශයෙන් වෙසක් පොසොන් කාල වලට ප්‍රදර්ශනය වන තොරණ හා කවි මගින් කරණු ලබන පසුබිම් කථ්නයද සැලකිල්ලට ගතයුතුබව කියනු කැමැත්තෙමි.

    ReplyDelete
  5. THANKS A LOT SAMUDRA FOR VISITING MY BLOG AND THE ENCOURAGING COMMENT YOU MADE. CHEERS...

    උදය මල්ලි ඔයාගේ උද්වේගකර ස්වාධීන අදහස් දැක්වීමට මෙන්ම මට ලබා දුන්නාවු නව ජීවයට මගේ මගේ නොවක් තුතිය. ඒක හැමදාමත් මෙහෙම අදීන, අව්‍යාජ මෙන්ම ස්වාධීන වෙනවා දකින්නයි මං කැමති. ජයශ්‍රී !

    ReplyDelete
  6. ඔබේ වෑයම මම මහත්සේ අගය කරමි. බොහෝ ඈසූ පිරූ තැන් ඈත් ඔබ, අනේක විධ අත්දැකීම් අනුසාරයෙන් පෝෂණය කර ගත්තා වූ ඔබේ දැනුම් සාගරය දුහුණන් වෙත බෙදා හැරීම ම, මහත් ඵල මහත් ආනිසංස ලබන්නා වූ පුණ්‍ය කර්මයක් බව කිව යුතු ය. මේ කර්තව්‍යය ආරම්භ කරන්නට උඩ ගෙඩි දීමෙන් ම, මාද ඒ පිනෙන් දෝතක් අනුමෝදන් කර ගනිමි..ජයවේවා..!!

    ReplyDelete
  7. විශිෂ්ට ප්‍රයත්නයක්! සුභ පැතුම් අරුත්බර ‍බ්ලොග්කරණයකට!!!

    ReplyDelete
  8. කිව්වත් වගේ දෝතක් නොවේ. ලොකුම පින හිමිවන්නේ ඉන්ද්‍රනාථ ඔබට. ඒවගේම ඩෝසන් ඔබටත්, මට මුල සිටම දුන්නු ​ධෛර්යයට නොවක් තුති.

    ReplyDelete