Translate

Tuesday, December 7, 2010

දුරු රට ගිය අයියාට

දුරු රට සිටින අයියාගෙන්
සුභාෂිණී නඟාට
හරිම ලස්සන චිත්ත රූප මැවෙන, සංවේදී, කලාත්මක පැදිපෙළක්. පැදි තුනක පමණ එළිසමය ද සුරැකී තිබෙනවා හරි අපූරුවට. උත්සාහ කළා නම්, තව තවත් වදන් මටසිළුටු කරගෙන අනික් පැදි දෙකෙත් එළිසමය රැකගන්ට තිබුනා යසට අගේට.
 


නමුත් සඳැසක් හෝ නිසඳැසක් හෝ වේවා, මේ දෙකටම පොදු දෙයක් තමයි, ඔබ කවියෙන්  කියන දෙයෙහි වැදගත්කම. එහි මිනිස් දිවියේ යථාර්ථය, ගුණ සුවඳ (අපේ එදිනෙදා දිවියේ දුක්ඛ දෝමනස්සයන්, සතුට, දේශපාලන, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න, ගැටළු) වාහනය විය යුතුයි. මේ නංගි සිය අයියාට ලියන පැදි ලිපියෙන් එය අපූරුවට සිදුවෙයි. ලස්සන චිත්ත රූපයක් මැවෙන, මෙහි අවසාන කවියේ, අවසාන කවි පද දෙක මනසින් චිත්‍රනය කරගත හැකිවන්නේ, ගම්බද නිවසක ආලින්දය/ඉස්තොප්පුව ලෙසින් බා ඇති යාලත්තයටට ගොඩවුන, දවාලක් හෝ රැයක් නිකමට ගත කළ හෝ පහන් කළ අයෙකුට පමණී. නැතුව අප්පච්චි සඳ එළියෙන් නොතෙමී, නිවසේ තනිවී ඉන්නේ පැලේ දොර වසාගෙන නොවෙයි නේ….  
.
මම හැමදාමත් වගේම කියනවා මේ දෙය. එනම් කවි සංකල්පනාවකට අනුව, සුදුසු විරිතකට පද බෙදාගෙන, එළිසමය සුරකිමින් මාත්‍රාවන් අනුව ශබ්දාලංකාරයෙන් උපරීම ථල ලබාගැනීම හා සඳැස් නිර්මාණය කරන ලෙස. සඳැස් නිසඳැස් රටා දෙකම මිශ්‍රණය කළාම අපි කවිය පිහිටුවන්නේ කවර තලයකද? නිකං වදන් පෙළහරක් යැයි විටෙක සිතෙන නිසඳැස් මෙන් නොව, සඳැස් නිර්මාණය වනාහි කිසියම් සංකීර්ණ සුවිශාල කාර්යයක්. මෙය උපතින් ගෙනෙන්නාවූ වාසනා ගුණයක් බවයි පෙර සිටි මහ ඇදුරන් කියා ඇත්තේ. මේ විභව ශක්තීන් වැළලෙන්නට දෙන්න එපා. ඒවා වැළලෙන්නට නොදී වැඩිදියුණු කරගන්නා ගමන් නිසඳැස ද අමතක නොකර, අපූරු සඳැස් කවි නිර්මාණයටත් පෙළඹෙන ලෙස සුභාෂිණීගෙන් ඉල්ලනවා. 
.
ඔබ උපතින්ම ගෙනා වාසනා ගුණය නැති නොකරගෙන ඉන් උපරීම ඵල නෙලාගන්නා ලෙස කරුණාවෙන් නැවත ඉල්ලමි.
.
මගේ සුබ පැතුම් සුභාෂිනී ‼!


මේ ඔබේ දුරුරට සිටින
විපුලයියා

3 comments:

  1. බරපතල කර්තව්‍යයක නියැලි ව සිටිද්දීත්, කවරදාවත් ඈසින් නොදුටු කෙනෙකුන්ට හෝ ඔබ දෙන මේ අර්ථාන්විත උපදේශනය මම බෙහෙවින් අගය කරමි. !! ජයවේවා.. මේ පිනෙන් ඔබේ සද්කාර්යය ප්‍රාර්ථනා කරනායුරෙන් ම සඵල වේවා..!!!

    ReplyDelete
  2. නියම වැඩක් අයියේ

    ReplyDelete
  3. ඉන්ද්රනාථටයි සුභාෂ්ටයි වෙසෙසින් තුති. ඔබ දෙදෙනාමනේ මට මේ බ්ලොග් හදලා දන්නේ… මං එයින් යහපත් ගුණවත් දේ කරනවා මට පුළුවන් විදියට… දැක්කත් නොදැක්කත්, හොඳක් හෝ නරකක් දකින්න මට පුද්ගලික ඇඳුනුම්කම් ඕනෙ නැති බව අවුරුදු 30ක් විතර ළඟින් හිටිය ඉන්ද්රහනාථට අමුතුවෙන් මං කියන්න ඕනෙ නැහැනේ… ඔබලාගේ වටිනා කාලය මිඩංගු කරලා මාව දිරිමත් කළාට නැවතත් බෙහෙවින් තුති ‼!

    ReplyDelete