Translate

Saturday, March 5, 2011

''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි''

                       
''ගෙදර බුදුන් අම්මා නොව 
                  අපේ අක්කයි''
                                                     
සුදීපා මිහිරි කිවිඳිය, මේ පැදි නිර්මාණය එවන්නේ හේනක් තියා බොරළු කාෂ්ඨක පොළවක් පේනතෙක් මානයක නැති , එහෙව් පොළවක දාඩිය පෙරාගෙන, නැහීගෙන සිය ජීවිතයම කැපකරනා මෙවන් සොයුරියක් සිටින්නේ දැයි නොදන්නා , මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස්  සරසවියේ සිටය.  

සිය සොයුරු සොයුරියන් රැකබලා ගැනුමට අම්මා කෙනෙකු වූ ''අක්කා'' කෙනෙකුට පිදෙන උපහාරයක්. මේ කවියෙන්, ඉතාම සියුම් සංවේදනා ගෙන දෙන,  ඛේදනීය ඉරණමකට මුහුණදෙන, මුළු දිවියම ශෝකාන්තයක් වූ කාන්තාවක් කරණ මානුෂීය කැපකිරීමක් චිත්‍රණය වෙයි. 


                ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි'' යනුවෙන් මිහිරි ඒ කවිවැල නිම කරන්නේ ඊට කලින් ඇති වචනයක් පාසා ඒ නිගමනයට ඈ පැමිණියේ ඇයිද යන්න සාධාරණීකරණය කිරීමෙනි. සිදුවිය යුත්තේ එයයි. කවියේ ගොඩනැගෙන උපරිම අවස්ථාව හා සියුම් නාට්‍යම ගැටුම උපරිම ස්ථානයකට පැමිණෙන්නේ මෙහිදීය. එය කිසියම් මට්ටමකින් සිදුවී ඇත.

නමුත් ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි'' යන්න කියන විට ඇතිවන නාට්‍යම අවස්ථාව, මානුෂීය ලෙස තවතවත් ඉතා තීව්‍රකරගැනීමට තිබුනු අවස්ථාවක්, මිහිරි අතින් නොදැනීම ගිළිහී ඇති බව පෙනේ.  


අපට මේ කතාව කියන නංගිගේ හෝ මල්ලිගේ, එනම් මේ සියළු කැපකිරීම් කරන අක්කා ඇතුළු මුළු පවුලේම ''අම්මා හා තාත්තා'' කිසියම් ලෙසකින් අහිමි වී ඇත. සමහර විට දෛයිවෝපගත ''ස්වාභාවික ඉරණමකට'' ඔවුන් දෙදෙනා මුහුණ දුන්නා විය හැකිය. මේ පිළිබඳ කිසියම් ඉඟියක් මේ පැදියට එක් කළේ නම් ''අක්කා'' කරන ලද සුවිශේෂ කැපවීම තවතවත් තීව්‍ර වෙනු ඇති. මූර්තිමත් වනු ඇති. එයින් මිහිරි අවසානයේ සාධාරණීකරණය කරන මානුෂික පණිවිඩය වන ''ගෙදර බුදුන් අම්මා නොව අපේ අක්කයි''  යන්න තව තවත් ඔප් නැංවී, සියුම් නාට්‍යම අවස්ථාව වඩාත් තීව්‍රකරමින්, අක්කා හා ඇය කරන ලද කැපකිරීම වඩාත් සංවේදී ආකාරයෙන් අපගේ හදවත් වෙලාගන්නවාට කිසිදු සැකයක් නැත....

මෙය විරිත, රිද්මය රැකගත් සඳැසකි. ඉදිරිපත්කර ඇති ආකාරයෙන් නම් පෙනෙන්නේ නිසඳැස් ස්වරූපයකි. කවියේ ප්‍රධාන මෙවලම හා බලය ඇත්තේ තම සංකල්පනාවේ හා වදන් පෙළ මතයි. එය මැනවින් හැසිරවීම මතයි. 


සිය කාව්‍යම සංකල්පනාව සංවේදී පද පෙරළියකට හසුකරගැනීමට ඈ මෙහිදී පලකර ඇති නිර්මාණ ප්‍රතිභාව කිවිඳියක ලෙස ඈ සතු අනාගතය කෙබඳු එකක්දැයි අපට මොනවට පසක් කරයි. 
මගේ සුබ පැතුම්....     

6 comments:

  1. හොඳ කවි තෝරාගෙන ඒ සඳහා විචාරක බ්ලොග් සටහනක් තබන ඔබගේ ප්‍රයත්නය යලි සක්‍රීය වී තිබීම සතුටට කරුණක්. මෙවැනි සටහනක් සඳහා උචිත කවි පෙර මෙන් බිහි නොවෙන වටපිටාවක මිහිරි විසින් ලියූ මේ කවිය නම් අනර්ඝයි.

    ReplyDelete
  2. ඔබේ දිරිදීමට නොවක් තුති උදය...

    ReplyDelete
  3. මගේ කවිය මෙම පිටුවෙහි පලකිරීම ගැන විපුල මහත්මයාට ඉතාමත් ස්තුති වන්ත වන අතර, උදය ඔබටත් ස්තුතියි!

    ReplyDelete
  4. හරි අගේ ඇති වැඩක් විපුල අයියේ....!

    ReplyDelete
  5. සහන් මල්ලිට බොහොම ස්තූතියි !

    ReplyDelete
  6. How to Make a 10pc titanium band rings - TITanium Artists
    How to make a 10pc titanium band oakley titanium glasses rings - TITanium Artists This method titanium 4000 utilizes snow peak titanium flask a special technique titanium helix earrings that titanium mountain bikes increases productivity and enhances productivity.

    ReplyDelete